දෙපාර්තමේන්තුවේ මුලපිරීම්

රජයේ ඉඩම්හි නිරවුල් හිමිකාරීත්වය තහවුරු කිරීම “අරුණැල්ල” ජංගම සේවා

අපේක්ෂිත රජයේ ඉඩම් රාජකාරි සම්බන්ධයෙන් කටයුතු කරන සියළුම ආයතන නියෝජනය වන ආකාරයට නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මහජනතාවට වඩා පහසු පොදු ස්ථානයක වැඩ සටහන් පැවැත්විම අපේක්ෂා කරන අතර,ක්ෂේත්රන නිලධාරීන් මගින්, දැන්වීම්, හා අත්පත්රිසකා මගින් මහ ජනතාව දැනුවත් කිරිම් කර සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කෙරේ.

හඳුනා නොගත් රජයේ විවිධ ආයතනවලට පැවරිය යුතු ඉඩම් හා නිදහස් කල යුතු ඉඩම් හඳුනා ගැනීමට අදාල මැනුම් කටයුතු කිරීම

මේවන විට පවරා දිය යුතු වෙනත් ආයතන භුක්ති විඳින ඉඩම් සම්බන්ධව නිශ්චිත තොරතුරක් නොමැති බැවින් වාර්ෂික සැලැස්ම සකස් කිරීමේදී ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවීම ( අධාපන දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැනි ආයතන විශාල වශයෙන් රජයේ ඉඩම් භාවිතා කලද පැවරීම් කටයුතු සිදු කරගෙන නොතිබීම අවශ්‍ය අවස්ථාවලදී මැනුම් ගාස්තු ලබා දීම )

රජයේ ඉඩම් සඳහා දැන්වීම පුවරු සවිකිරීම

ජනතාව දැනුවත් වීම හා අනවසර අල්ලා ගැනීම් වලක්වා ගැනීම

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු පුත්තලම පිහිටි නිල නිවාසය අළුත්වැඩියා කිරීම (වායුසමීකරණය කිරීම හා භූමිය ආකර්ෂණීය ලෙස නිර්මාණය කිරීම )

වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් ලෙස පුත්තලම නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයක් හා නිළ නිවාසයක් පුත්තලම නගරයේ ස්ථාපිත කර ඇත. එම නිලනිවාසය කාලයක් තිස්සේ භාවිතා නොකිරීම නිසා භාවිතා කල නොහැකි මට්ටමේ පවතින නිසා එහි අත්‍යවශ්‍ය අළුත්වැඩියාවන් සිදුකර විනාශ වී යාමෙන් ආරක්ෂා කර ගැනීම සඳහාත් එය ඵලදායී ලෙස උපයෝජනය කිරීම සඳහාත්, පුත්තලමට පැමිණෙන ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට නියමිත හා සාධාරණ රජයේ ගාස්තුවක් රාජ්‍ය ආදායමට බැරවෙන සේ අයකර ගනිමින් නවාතැන් ගැනීමට හැකිවන සේ සිදුකල යුතු අළුත්වැඩියා හා නවීකරණ කිරීම

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තාමේන්තුව සතු දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දෛනික රාජකාරි ඉතා කාර්යක්ෂමව සිදු කිරීමට හැකිවීම තුලින් ඩිජිටල් රාජ්‍ය කරණයයක් ජාත්‍යන්තර හවුල් කාරිත්වයක් ප්‍රතිපත්ති මාලාව අනුව ඩිජිටල් රාජ්‍ය කරණයක් බිහි කිරීම සඳහා දායකත්වය සැපයීම හා ආරක්ෂිත දක්ත පද්ධතියක් සමඟ තාක්ෂණ විප්ලවයට දායකවීම සඳහා

ග්‍රාම නිලධාරීන් සඳහා ඉඩම් රාජකාරි පිළිබඳ පුහුණු වැඩසටහන දෙවන අදියර

ඉඩම් සංවර්ධන ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත, සන්තකය ආපසු ගැනීමේ පනත, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත, ඉඩම් ප්‍රදාන විශේෂ විධි විධාන පනත හා එම පනත් වලට අදාලව නිකුත් කර ඇති චක්‍රලේඛන ප්‍රායෝගික භාවිතාවන් පිළිබඳ පුහුණුවක් වශයෙන් රාජකාරි අත්දැකීම් සමඟ ඇති ගැටළු නිරාකරණය කර ගැනිම සඳහා අවශ්‍ය දැනුම මෙමගින් ලබා දීමට අපේක්ෂා කරයි. (2025 වර්ෂයේ නිලධාරීන් 630 ක්)

වයඹ පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු දෙපාර්තමේන්තු ගත සංවර්ධන නිලධාරීන් හා ජනපද නිලධාරීන් ගේ ධාරිතා සංවර්ධනයට සිද්ධි අධ්‍යයනයන් සමඟ ක්ෂේත්‍ර පුහුණු වැඩමුළු පැවැත්වීම

නිලධාරීන් ගේ ප්‍රායෝගික විෂය ගත සංවර්ධනය , අවස්ථානූකූලව විෂයගත රාජකාරි ඉටු කිරීමේ කුසලතා වැඩිදිණු කිරිම, මෙන්ම සේවක අභිප්‍රේරණය ඉහල නැංවිමටත්, නිලධාරීන් අතර සාමුහිකත්වය වර්ධනය කිරීමටත් අපේක්ෂා කරයි.

කාර්යාල නිලධාරීන්ට ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළු පැවැත්වීම

වසර කිහිපයකින් නිලධාරීන් සඳහා මෙවැනි පුහුණු වැඩසටහනක් පවත්වා නොතීබීම හා එකම ආකාරයේ පුහුණු වැඩ සටහනක් ලෙස මෙම කණ්ඩායම් දෙක සඳහා ඒකාබද්ධව පැවැත් වීමට අපේක්ෂා කරන අතර එමගින් නිලධාරීන් ගේ ආකල්ප සංවර්ධනය , කාර්යක්ෂමතාව වැඩිදිණු කිරිම, මෙන්ම සේවක අභිප්‍රේරණය ඉහල නැංවිමටත්, නිලධාරීන් අතර සාමුහිකත්වය වර්ධන කිරීමටත් අපේක්ෂා කරයි.

E slim වැඩසටහන සම්බන්ධව ප්‍රාද්ශිය ලේකම් කාර්යාලවල ඉඩම් අංශයේ නිලධාරීන් පුහුණු කිරීම

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉඩම් රාජකාරි සඳහා හඳුන්වා දී ඇති E slim වැඩසටහනහි ප්‍රායෝගික භාවිතය සම්බන්ධව ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිලධාරීන් හට අවශ්‍ය පුහුණුව ලබා දීම නිලධාරීන් ස්ථාන මාරු වීම හා නිරන්තර පද්ධතියේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් නිරන්තර පුහුණව අවශ්‍ය වීම

ලේකම් කාර්යාලවල සේවයේ නිප්‍රාදේශීය යතු දෙපාර්තමේන්තු ගත නිලධාරීන් සඳහා කාර්යාල උපකරණ ලබාදීම (කාර්යාලීය මේස හා ඩෙස්ක්ටොප් පරිඝණක යන්ත්‍ර)

ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ලබා ගත් අවශ්‍යතා අනුව 2025 වර්ෂයේදී ලබා දීමට ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවු නිසා මෙම වසරේදී ලබා දීම සඳහා

වායු සමීකරණ යන්ත්‍ර වඩා සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීම හා නවීකරණය කිරීම

නිතරම ක්‍රියා විරහිත වීම අවම කිරීම

සේවාලාභීන් ලියාපදිංචිය හා අවශ්‍ය මගපෙන්වීම සඳහා වැඩසටහන් සැකසීම

meet me වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට (මාණ්ඩලික නිලධාරීන් සඳහා Desktop මිලදී ගැනීම වැනි)

රජයේ ඉඩම් කාර්ය සංග්‍රහයට අදාල චක්‍රලේඛන පොත් මුද්‍රණය

කාලීනව සිදුවී ඇති වෙනස්කම් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා