පුවත් සහ නිවේදන
නවතම පුවත්
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන - 2026 රජයේ ඉඩම් කළමණාකරණය සඳහා ක්‍රියාත්මක වන - E slim පද්ධතියේ නව වැඩ සටහන් පිළිබඳ පුහුණු වැඩ සටහන
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අංක LCGD/PI/LDO/1/58 හා 2026.03.17 දිනැති චක්‍රලේඛයට අනුව 2026.06.01 දින සිට රජයේ ඉඩම් කළමණාකරණය සඳහා හඳුන්වා දී ඇති E slim පද්ධතිය භාවිතය අනිවාර්ය කර ඇති අතර නව භාවිතයන් හඳුන්වා දී ඇත.
ඒ අනුව පුහුණු අවශ්‍යතාවය සලකා බලා E slim භාවිතය හා නව වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් වයඹ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර පුාදේශීය ලේකම් වරුන් , ඉඩම් නිලධාරීන් ඇතුළු ඉඩම් අංශවල අනිකුත් නිලධාරීන් තිදෙනෙකු බැගින් පුහුණු කිරීම සඳහා කලාප වශයෙන් වැඩ සටහන් 07 ක් පවත්වන ලදී. එහිදි නිලධාරීන් 230 දෙනෙකු සඳහා පුහුණු අවස්ථා ලබා දෙන ලදි .
මෙහිදි මෙම වැඩ සටහන සඳහා සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන් පුහුණුව ලැබු අප දෙපාර්තමෙන්තුවේ නිකවැරටිය හා කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ඉඩම් නිලධාරී මහතවරු සම්පත් දායකත්වය ලබා දිම ඉතාමත් අගය කලයුතුය.
සුරක්ෂිත ඉඩමක්, ලස්සන ජීවිතයක් උදෙසා රජයේ ඉඩම්හි නිරවුල් හිමිකාරිත්වය තහවුරු කිරීම “අරුණැල්ල” වැඩසටහන
වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හා කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මෙහයවීමෙන් සිදු කරනු ලබන සුරක්ෂිත ඉඩමක්, ලස්සන ජීවිතයක් උදෙසා රජයේ ඉඩම්හි නිරවුල් හිමිකාරීත්වය තහවුරු කිරීමේ
“අරුණැල්ල” (ජංගම සේවා) සමාරම්භකක වැඩ සටහන ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගරු වයඹ ආණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු නාමල් සුදර්ශන මැතිතුමාගේ හා ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියේ මූලිකත්වයෙන් හා වයඹ ප්‍රධාන ලේකම් අයිි.එම්.ඉලංගකෝන් මහතා , වයඹ පළාතේ ඉඩම් අමාත්‍යංශ ලේකම් එම්. ඒ. ආර්. සුදර්ශනි මහත්මිය, කුරුණැගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් 2026.05.22 දින ගනේවත්ත ශ්‍රී සුමංගලාරාමය ශාලාවේදී පැවැත්විනි.
එහිදි බලපත්‍ර ලාභීන් 110 දෙනෙකු සඳහා බලපත්‍ර ලබා දීමද පසු උරුමය නම් කිරීම ආදි ඉඩම් ගැටළු රැසකට විසදුම් ලබා දීම සිදු විය.