වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
විධිමත් ඉඩම් පරිපාලනයක් තුලින් වඩා යහපත් අනාගතයක් කරා
අපගේ මෙහෙවර සහ දැක්ම
මෙහෙවර
වයඹ පළාතේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරනු පිණිස මනා කළමනාකාරීත්වයකින් යුතුව ජනතාව හා විවිධ ආයතන සදහා රජයේ ඉඩම් විධිමත්ම ලබා දීම.
දැක්ම
රජයේ ඉඩම් වල නිරවුල් හිමිකාරීත්වය තහවුරු කිරීම.
අපගේ ප්‍රධාන කාර්යයන්
01. හිමිකම් තහවුරු කිරීම
රජයේ ඉඩම් ලාභීන්ගේ හිමිකම් තහවුරු කිරීම පිනිස ඉඩම් බලපත්‍ර පිළිබද කටයුතු හා e-slims පද්ධතිය මගින් දීමනා පත්‍ර සකස් කිරීමේ කටයුතු.
02. නීතිමය ක්‍රියාමාර්ග
රජයේ ඉඩම් ලාභීන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් ආරක්ෂා කිරීම සදහා නීතිමය වශයෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම.
03. බදු ආදායම් එකතු කිරීම
වයඹ පළාත තුල රජයේ ඉඩම් වල බදු ආදායම් එකතු කිරීම.
04. ඉඩම් ලබා දීම
විවිධ ආර්ථික හා සමාජීය කාර්යයන් සදහා රජයේ ඉඩම් ලබා දීමට කටයුතු කිරීම.
05. ඉඩම් පරිහරණ සැලසුම්
මනා ඉඩම් කළමනාකරණය සදහා අවශ්‍ය වන ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීමට අදාල කාර්යයන් වලට දායක වීම.
06. උපදෙස් ලබා දීම
පවත්නා නෛතික ප්‍රතිපාදන මත රජයේ ඉඩම් රාජකාරී ඉටු කිරීමේදී පැන නගින ගැටළු සදහා ප්‍රාදේශීය ලේකම් වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම.
07. ජනතාව දැනුවත් කිරීම
ඉඩම් නීතිය හා ඉඩම් ඵලදායීව භාවිතය පිළිබදව ජනතාව දැනුවත් කිරීම හා ඊට අදාල වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
08. පුහුණු වැඩසටහන්
ඉඩම් රාජකාරි වල නියුතු සියළුම නිලධාරීන් හට පුහුණු වැඩසටහන් පැවැත්වීම, ප්‍රගති සමාලෝචනය සහ පසු විපරම් කටයුතු.
දෙපාර්තමේන්තු ප්‍රධානීන්
ආර්.එම්.එන්. ප්‍රේමසිරි මයා
පළාත් ඉඩම් කොමසාරිස්
වසන්තා වර්ණකුලසූරිය මිය
නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් I
ඒ.එම්.එන්.එස්.අතපත්තු මිය
නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් II
එල්.එම්.ටී.එම්.ලංසකාර මෙය
ගණකාධීකාරි
ඩබ්.එම්.කේ.එස්. ගුණතිලක මිය
පරිපාලන නිලධාරී