අප ගැන

"වයඹ පළාතේ රජය සතු ඉඩම් වලට අදාල පරිපාලන, සංවර්ධන සහ කළමනාකරණ කටයුතු සදහා නෛතික දායකත්වය ලබාදීම අපගේ මූලික කාර්යභාරයයි."

සීමිත සම්පතක් වන ඉඩම් මිනිසාගේ සියළුම ආර්ථික හා සමාජීයිය ක්‍රියාවන් සමග බැදී පවතී. ශ්‍රි ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් ජලාශ, වන රක්ෂිත, බෑවුම්, නගර සහ ජනාවාස සදහා වෙන් වු ඉඩම් හැරුනු විට ඉදි කිරීම සඳහාත් කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධන කටයුතු සදහා යොදා ගත හැකි ඉඩම් ප්‍රමාණය ඉතාමත් සීමිත වේ.

කුරුණෑගල හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත වන වයඹ පළාත සෙසු පළාත් හා සසදන කල විශාලත්වනේ පස්වන ස්ථානය හිමිකර ගනී. එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 46කින් සහ ග්‍රාම නිළධාරී කොට්ඨාශ 2158 කින් සමන්විත වේ.

Sri Lanka Landscape

භූමි සම්පත අතිශයින්ම සීමා වීමත් එහි උපයෝගීතාවය අසීමිත වීමත් නිසා එය මනා පරිපාලනයකට හා කළමනාකරණයකට ලක් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි කළමණාකරණය හා පරිපාලනයේ දුර්වලතා ඇතිවන සෑම විටකම එහි විවිධාකාර වූ අනිසි ප්‍රතිපල ජනිත වේ. වයඹ පළාත තුල පවතින රජයේ ඉඩම් මනා කළමනාකරණයකින් යුක්තව යෙදවීම මෙම දෙපාර්තමේන්තුවේ මූලික කාර්ය වේ. ඒ සදහා පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිළධාරීන්ගේ මෙන්ම මෙම දෙපාර්තමේන්තුවට බදවාගෙන, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අනුයුක්ත කර ඇති ජනපද නිළධාරී සහ සංවර්ධන නිළධාරීන්ගේ දායකත්වයද ලබා දේ. සෘජුවම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමෙන්තුව මගින් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද රජයේ ඉඩම් සම්බන්ධ විශාල කාර්ය භාර්යක් ඉටු කරනු ලබයි.


අපගේ අරමුණු

අරමුණ 01

වයඹ පළාත තුල රජයේ ඉඩම් හදුනා ගැනීම, සංරක්ෂණය, බැහැර කිරීම සහ නියමානුකූල කිරීම.

අරමුණ 02

විවිධ ආර්ථික හා සමාජීය කාර්යයන් සදහා රජයේ ඉඩම් ලබා දීම.

අරමුණ 03

රජයේ ඉඩම් ලාභීන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කිරීම සදහා නීතිමය වශයෙන් පැවරී ඇති බලතල ඵලදායි ලෙස යොදවා ගැනීමෙන් සංවර්ධනයේදී ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම.

අරමුණ 04

මනා ඉඩම් කළමනාකරණයක් තුලින් පරිසර සංරක්ෂණයට දායක වීම.

අරමුණ 05

වයඹ පළාත තුල වානිජ හා කෘෂිකාර්මික කටයුතු සදහා රජයේ ඉඩම් බදු දීමෙන් හා බදු මුදල් ඒකරාශී කිරීමෙන් පළාත් හා රාජ්‍ය ආදායම් ඉහල නැංවීමට දායක වීම.

අරමුණ 06

තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට හැකවන අයුරින් රජයේ ඉඩම් කළමනාකරණය කිරීම.

අපගේ සංවිධාන ව්‍යුහය

ස්ථාපනය කර ඇති විවිධ අංශ හරහා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අප දෙපාර්තමේන්තුව සූදානම්ව සිටී. ඉඩම් නිරවුල් කිරීම්, බලපත්‍ර කටයුතු, නීතිමය හා මුදල් කටයුතු මෙන්ම පරිපාලන අංශ ඒ අතර ප්‍රධාන වේ.

සංවිධාන ව්‍යුහය