පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව - වයඹ
North Western Province - Sri Lanka
රජයේ ඉඩම් වල නිරවුල් හිමිකාරිත්වය තහවුරු කිරීම
වයඹ පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනු පිණිස මනා කළමනාකාරිත්වයකින් යුතුව ජනතාව හා විවිධ ආයතන සඳහා රජයේ ඉඩම් විධිමත්ව ලබා දීම.
Mr. R.M.N Premasiri
0372225205
0372222236
nwpland@gmail.com
මහජන සේවාවන්
වයඹ පළාතේ ගොවි පන්තියේ පුද්ගලයන් හා ඉඩම් අහිමි පුද්ගලයන් හට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රජයේ ඉඩම් නියමානුකූල කිරිමට අවශ්‍ය කටයුතු මෙහෙයවීම.
රජයේ ඉඩම් ආඥා පනත යටතේ නේවාසික, කෘෂිකාර්මික හා වාණිජ කටයුතු සඳහා දීර්ඝකාලින බදු පදනමින්/වාර්ෂික බදු පදනමින් පුද්ගලයන් වෙත ඉඩම් ලබා දීමට අදාල කටයුතු මෙහෙයවීම.
දිමනාපත්‍ර හා බලපත්‍ර වල පසු කටයුතු මෙහෙයවීම.
නියාදන සාදන පත්‍ර වල පසු කටයුතු සඳහා අනුමැතිය ලබා දීම.
ඉඩම් ආරවුල් විසඳීමේ මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කිරිම.
ඉඩම් නිතිය හා ඉඩම් ඵලදායිව භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා ඊට අදාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
දෙපාර්තමේන්තු අරමුණු
වයඹ පළාත තුළ රජයේ ඉඩම් හඳුනා ගැනීම, සංරක්ෂණය හා බැහැර කිරිම සහ නියමානුකූල කිරීම.
විවිධ ආර්ථික හා සමාජීය කාර්යයන් සඳහා රජයේ ඉඩම් ලබා දීම.
රජයේ ඉඩම් ලාභීන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කිරීම සදහා නීතිමය වශයෙන් පැවරී ඇති බලතල ඵලදායි ලෙස යොදවා ගැනීමෙන් සංවර්ධනයේදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම.
මනා ඉඩම් කළමනාකාරිත්වයක් තුළින් පරිසර සංරක්ෂණයට දායක වීම.
වයඹ පළාත තුළ වාණිජ හා කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් බදු දීමෙන් හා බදු මුදල් ඒකරාශි කිරීමෙන් පළාත් හා රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට දායක වීම.
තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට හැකි වන අයුරින් රජයේ ඉඩම් කළමනාකරණය කිරීම.